02 01

03 04

නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සෑම වර්ෂ අවසානයකදීම කොට්ඨාසයේ වැඩ වසන මහා සඟ රුවන කාර්යාලය වෙත පෙරහරින් වඩාහිඳුවා මහා සාංඝික දානමය පිංකමක් පවත්වනු ලබයි.තවද මේ සඳහා කොට්ඨාශයේ අන්‍යාගමික පූජකතුමන්ලා වෙනුවෙන්ද දානය පිරිනමයි.

 

මෙම පිංකම 2018 වර්ෂයේදීත් දෙසැම්බර් මස 27 වන දින පවත්වනු ලැබූ අතර ඒ සඳහා ස්වාමීන් වහන්සේලා තිස් අට නමක් සහ මෙහෙණින් වහන්සේලා දෙනමක් වැඩම වන ලද අතර, මුස්ලිම් පූජකතුමන්ලා සය දෙනෙකුද සහභාගී කරවන ලදී. 

නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් ආර්.කේ.එස්.එස්.සී විජේසිංහ මහතාගේ  මූලිකත්වයෙන් පැවැත්වුණු මෙම සාංඝික දානමය පිංකම අති සාර්ථක අන්දමින් අවසන් වූ අතර මෙහිදි මෙම කටයුතු සංවිධානය කර ගැනීමට බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරිනියන් දෙපළ විශාල මෙහෙවරක් ඉටු කරන ලදී. තවද කාර්යාලීය සියළුම නිල මඩුල්ල මේ සඳහා තම උපරිම දායකත්වය දැක්වූ අතර, මෙම දානමය පිංකමේ සාර්ථකත්වය නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය නිලධාරීගේ කැපවීමේ හා උනන්දුවේ මල්ඵල ගැන්වීමකි.

  

News & Events

12
Mar2019
Tripitaka Pilgrimage Week  2019.03.16 - 2019.03.23

Tripitaka Pilgrimage Week 2019.03.16 - 2019.03.23

A large number of programs have been...

Scroll To Top