මෝටර් රථවල ඉන්ධන දහනය සැලකිල්ලට ගෙන 2019 ජනවාරි 01 දින සිට කාබන් බද්දක් අයකිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.2018 අංක 35 දරණ මුදල් පනත මගින් මෙම අයකිරීම් සිදුකරනු ලබන අතර අවුරුදු 5 ට වඩා අඩු, අවුරුදු 5 – 10 අතරේ සහ අවුරුදු 10 ට වඩා වැඩි වශයෙන් යනුවෙන් කාණ්ඩ 3 ක් යටතේ මෙම කාබන් බද්ද අයකිරීම සිදුකෙරේ.වාහන වල සිලින්ඩර ධාරිතාවය, භාවිත වන ඉන්ධන වර්ගය හා වානයේ ලියාපදිංචි වර්ෂය යන නිර්නායක මත පදනම්ව මෙම මුදල වාර්ෂික වාහන අදායම් බලපත්‍ර නිකුත් කරන අවස්ථාවේ අය කරනු ලැබේ.

මේ අනුව හයිබ්‍රිඩ් රථ සඳහා වසර 5 ට වඩා අඩු ඝන සෙ.මී. 1ට සත 25 ක්, වසර 5-10 අතර පැරණි වාහන සඳහා ඝන සෙ.මී. 1 ට සත 50 ක් හා වසර 10 ට වඩා පැරණි වාහන සඳහා ඝන සෙ.මී. 1 ට රු. 1.00 ක් වශයෙන් කාබන් බද්ද අය කිරීමට නියමිතය.එසේම හයිබ්‍රිඩ් නොවන පෙට්‍රල් හා ඩීසල් මෝටර් රථ සඳහා මෙම බද්ද අදාළ වර්ෂවලට අනුව පිළිවෙලින් සත 50, රු. 1 හා රු. 1.50 ක් වශයෙන් වේ.


මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.

Carbon Tax

News & Events

27
Sep2019
Punyagrama Program – 2019

Punyagrama Program – 2019

  Punyagrama Program – 2019   Organized...

19
Aug2019
"Aruna Dakina Rata" Art workshop

"Aruna Dakina Rata" Art workshop

"Aruna Dakina Rata" Art Competition was held...

Scroll To Top