තරපටකභවනදන

A large number of programs have been organized throughout the Nachchaduwa Divisional Secretariat to celebrate the Tripitaka Diva Week, which was held from March 16, 2019 to March 23, 2019, in order to protect the three age old world as a World Heritage site.

 

මෝටර් රථවල ඉන්ධන දහනය සැලකිල්ලට ගෙන 2019 ජනවාරි 01 දින සිට කාබන් බද්දක් අයකිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.2018 අංක 35 දරණ මුදල් පනත මගින් මෙම අයකිරීම් සිදුකරනු ලබන අතර අවුරුදු 5 ට වඩා අඩු, අවුරුදු 5 – 10 අතරේ සහ අවුරුදු 10 ට වඩා වැඩි වශයෙන් යනුවෙන් කාණ්ඩ 3 ක් යටතේ මෙම කාබන් බද්ද අයකිරීම සිදුකෙරේ.වාහන වල සිලින්ඩර ධාරිතාවය, භාවිත වන ඉන්ධන වර්ගය හා වානයේ ලියාපදිංචි වර්ෂය යන නිර්නායක මත පදනම්ව මෙම මුදල වාර්ෂික වාහන අදායම් බලපත්‍ර නිකුත් කරන අවස්ථාවේ අය කරනු ලැබේ.

මේ අනුව හයිබ්‍රිඩ් රථ සඳහා වසර 5 ට වඩා අඩු ඝන සෙ.මී. 1ට සත 25 ක්, වසර 5-10 අතර පැරණි වාහන සඳහා ඝන සෙ.මී. 1 ට සත 50 ක් හා වසර 10 ට වඩා පැරණි වාහන සඳහා ඝන සෙ.මී. 1 ට රු. 1.00 ක් වශයෙන් කාබන් බද්ද අය කිරීමට නියමිතය.එසේම හයිබ්‍රිඩ් නොවන පෙට්‍රල් හා ඩීසල් මෝටර් රථ සඳහා මෙම බද්ද අදාළ වර්ෂවලට අනුව පිළිවෙලින් සත 50, රු. 1 හා රු. 1.50 ක් වශයෙන් වේ.


මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.

Carbon Tax

ව මලද ගනම 1 ව මලද ගනම 2

 

2018/19 මහ කන්නය සඳහා රජය මඟින් වී මිලදී ගැනීම මේ වන විට ආරම්භ කර ඇති අතර නාච්චාදූව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා වලින් වී තොග ලබා ගැනීම සිදු කරයි. පහත නිර්ණායක යටතේ නාඩු කිලෝ ග්රෑම් 01 සඳහා රු.38.00ක් ද සම්බා කිලෝ ග්රෑම් 01ක් සඳහා රු.41.00 වෙනත් වී වර්ග කිලෝ ග්රෑම් 1 සඳහා රු.38.00 වශයෙන් මිලදී ගැනීම සිදු කරයි.

  • තෙත ප්‍රමාණය 14% අවම විය යුතුයි.
  • බොල් ප්‍රතිශතය 9% අවම විය යුතුයි.
  • එක් අලෙවිකරුවෙකුගෙන් උපරිමය කිලෝ 2000 යටත්ව ලබා ගැනීම සිදු කරයි.

ඒ් සඳහා ගෙවීම් කටයුතු නාච්චාදූව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මඟින් සිදු කරන අතර අදාල මුදල් වී අලෙවිකරුවන්ගේ බැංකු ගිණුම් වෙත තැන්පත් කරනු ලබයි.

Prasad Sameera

2018.ජූනි මස 25 වන දින කාර්යාල කාර්ය සහායක නිලධාරියෙකු ලෙස පත්වීම් ලබා  නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත සේවයට වාර්තා කරන ලද ඊ.සමීර ප්‍රසාද් සහෘදයානන් 2018 දෙසැම්බර් මස 28 වන දින හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවයට පත් විය. රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ ඔහු මිය යන විට තිස්වන වියේ පසුවිය.සෑම පොදු කටයුත්තකදීම කැපවීමෙන් සහ උනන්දුවෙන් තම උපරිම දායකත්වය ලබාදෙමින් කාර්යාලීය නිලධාරින් සමඟ සහයෝගයෙන් කටයුතු කර ඉතා කෙටි කලක් තුළ කාර්යාලයේ සෑමදෙනාගේම සිත්දිනාගනිමින් තම රාජකාරි මැනවින් ඉටුකිරීමට සමීර ප්‍රසාද් මහතා සමත් විය.

News & Events

12
Mar2019
Tripitaka Pilgrimage Week  2019.03.16 - 2019.03.23

Tripitaka Pilgrimage Week 2019.03.16 - 2019.03.23

A large number of programs have been...

Scroll To Top